රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෘදුකාංග පද්ධතියක් වෙනුවෙන් අසාමාන්‍ය විශාල මුදලක් වැය කිරීම

කමල් වික්‍රමනායක -
2022 මැයි 31 වන දින පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ පැවති සාකච්ඡාවක දී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මෘදුකාංග පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 644 ක් වැය කොට ඇති බවත් නඩත්තු ගාස්තු වශයෙන් මාසිකව රුපියල් මිලියන 5 ක් ගෙවෙමින් පවතින බවත් වාර්තා උනා. අදාළ ව්‍යාපෘතිය සඳහා 2008 වසරේ සිට 2015 වසර දක්වා වූ වසර 7 ක කාලය වැය වූ බවත් එසේ වීත් එම පද්ධතිය ආයතනයේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි සැකසී නොමැති බවත් වාර්තා උනා. මෙම ව්‍යාපෘතිය වෙනුවන් මෙතරම් අසාමාන්‍ය විශාල මුදලක් වැය කිරීමටත්, අසාමාන්‍ය දීර්ඝ කාලයක් ගත වීමටත්, ව්‍යාපෘතිය අසාර්ථක වීමටත් හේතු මොනවා වෙන්න ඇද්ද?

රටේ වත්මන් අර්බුදයට භික්ෂූන් වහන්සේලාට දොස් කීම

කමල් වික්‍රමනායක -

ලංකාව වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ ජනතාව නැගී සිට අරගල කිරීමේදී දේශපාලනයට සම්බන්ධ වීම අරභයා භික්ෂූන් වහන්සේලාටත් දොස් එල්ල කෙරෙන බව පෙනෙනවා. සමහර ඒ දොස් කීම්වලට සාධාරණ පදනමක් ඇත්තේ නැහැ. තවත් සමහර ඒ දොස් කීම්වලට සාධාරණ පදනමක් තිබෙනවා. සාධාරණ පදනමක් ඇතිව හෝ නැතිව කෙරෙන ඒ සමහර දොස් කීම්වලදී පොදුවේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත දෝෂාරෝපණ එල්ල කෙරෙන අවස්ථා ද තිබෙන බව පෙනෙනවා. එසේ පොදුවේ සියලු භික්ෂූන් වහන්සේලා වෙත දොස් කීම සුදුසු ක්‍රියාවක් ද? දොස් කියනවා නම් කොපමණ භික්ෂූන් වහන්සේලා පිරිසකට දොස් කීම සුදුසු ද?

ඵලදායී රැස්වීමක් සඳහා න්‍යාය පත්‍රයක් සැකසිම

කමල් වික්‍රමනායක -
රැස්වීම් පැවැත්වීමේදී අවසාන අරමුණු මොනවාදැයි හරි හැටි නොදැන පැවැත්වෙන රැස්වීම් සහ අනිසි ලෙස කාලය වැය කෙරෙන රැස්වීම් බොහෝ පැවැත්වෙනවා. ප්‍රතිඵල ඉලක්ක කරන කාලය ඵලවත්ව කළමනාකරණය කරන අයෙකුට රැස්වීමක න්‍යාය පත්‍රය මනාව සැකසීම තුළින් එම රැස්වීමෙන් මනා ප්‍රතිඵල ලබන්න පුළුවන්.

ආගම සහ දේශපාලනය

කමල් වික්‍රමනායක -

ආගම සහ දේශපාලනය යනු සමාජයක අභිවෘද්ධිය පිණිසත් පිරිහීම පිණිසත් බලපාන ප්‍රධාන සාධක දෙකක්. යම් සමාජයක යහපත් ආගමික යොමුවක් සහ යහපත් දේශපාලනමය ක්‍රියාවලියක් පවතී නම් එසේ වීම එම සමාජයේ අභිවෘද්ධියට හේතු වෙනවා. යම් සමාජයක අයහපත් ආගමික යොමුවක් සහ අයහපත් දේශපාලනමය ක්‍රියාවලියක් පවතී නම් එසේ වීම එම සමාජයේ පිරිහීමට හේතු වෙනවා.

එළැඹෙන 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩාත්ම සුදුසු ජනතා නියෝජිතයින්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කරගන්නේ කෙසේද?

කමල් වික්‍රමනායක -

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්ද දායකයින් විසින් ඡන්දය දී පාර්ලිමේන්තුවට තෝරා පත්කරගතයුතු වඩාත්ම සුදුසු ජනතා නියෝජිතයින් කවුරුන් දැයි ඔවුන්ටම අවබෝධයක් ලබා  ගත හැකි පරිදි සකසන ලද මෙවලමක් අප වෙබ් අඩවියට එක් කොට තිබෙනවා.

එම මෙවලම භාවිතා කොට ඡන්ද අපේක්ෂකයින්ව ඇගැයීමට භාජනය කරන්න. අන් අයටත් එම මෙවලම පිළිබඳ දන්වන්න. රටේ අභිවෘද්ධිය පිණිස කටයුතු කළ හැකි වඩාත්ම සුදුසු පුද්ගලයින්ව පාර්ලිමේන්තුවට තෝරා පත්කරගැනීමට උත්සුක වන්න.

මෙවලම වෙත සබැඳිය: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතා නියෝජිතයෙකුව ඇගැයීම

රටේ පිරිහීමට වැඩිපුර දොස් කිව යුත්තේ කා හටද?

කමල් වික්‍රමනායක -
බුද්ධ භාෂිතය දැක්වෙන අධම්මික සූත්‍රයේ සඳහන් දෑ මෙකලට අනුව ගතහොත් රාජ්‍ය පාලකයින් අධාර්මික වන කල රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන බවත්, රාජ්‍ය නිලධාරීන් අධාර්මික වන කල නගර වැසි ප්‍රමුඛ ගෘහපතීන් අධාර්මික වන බවත් නගර වැසි ප්‍රමුඛ ගෘහපතීන් අධාර්මික වන කල කුඩා නගර සහ පිටිසර වැසියන් අධාර්මික වන බවත් වටහා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයින්ව පත්කර ගන්නේ කලින් කලට පවත්වන ඡන්ද විමසීම්වලට අනුව දැක්වෙන රටවැසියන්ගේ බහුජන මතයට අනුව. බහුජන මතයට අනුව තේරී පත්වන පුද්ගලයින් දූෂණ වංචා ක්‍රියාවන්හි යෙදෙන අධාර්මික පුද්ගලයින් නම් රටේ පිරිහීමට එය හේතු වෙනවා. එහිදී වැඩිපුර දොස් කිව යුත්තේ කා හටද? අධාර්මික රාජ්‍ය පාලකයින්ට වැඩිපුර දොස් කිව යුතුද? අධාර්මික රාජ්‍ය පාලකයින්ව තෝරා පත්කර ගන්නා බහුජන පිරිසට වැඩිපුර දොස් කිව යුතුද? වෙනත් පිරිසකට වැඩිපුර දොස් කිව යුතුද?